ගල්කිරියාගමින් රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුරක්


කුෂාන් ජයවර්ධන

 

ගල්කිරියාගම රණව ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබී රූපලාවන්‍ය ශීල්පිනියකගේ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම රණව ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 29 ක් වන මද්දුමගේ අනූපිකා ධනංජනී නමැති එක්දරු මවකි. මිය ගිය තැනැත්තිය මෑතක සිට රණව ප‍්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් ඇත.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් සිරුර සොයාගෙන තිබේ.  

සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා මනෝරි එදිරිසිංහ මහත්මිය විසින් අද (29) දහවල් පවත්වනු ලැබුවාය.

එහිදී මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට ලබාදුන් නියෝග අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම සිරුර අනුරාධපුර මහ රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබිණ.