(කාංචන කුමාර ආරියදාස )
අනුරාධපුර ,මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ ගල්කිරියාගම කොටසේ සිදුකළ මෙහෙයුමකදී මුවන් මැරූ දඩයක්කරුවන් වැලි ජාවාරමුන් හා හරක් සොරකමේ ගිය පිරිසක් අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම වනජීවී කාර්යාලය පවසයි.
මෙම වැටලීමේදී වෙඩි තබා මස් කර සිටි මුවන් දෙදෙනකුගේ මස් හා සිරුරු කොටස් ද ගිනි අවි, ජීව පතොරොම්, පිහි, විදුලි පන්දම් ද, වැලි පැටවූ ට්‍රැක්ටර් දෙකක්, ටිපර් රථයක් හා මීහරක් ප්‍රවාහනය සඳහා ගෙනැවිත් තිබු ලොරි රථයක් සමග සැකකරුවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ ප්‍රධානි ඩී .රාමසිංහ මහතා පැවසිය.
මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වය සමග වැව් සිඳී යාම හේතුවෙන් දිය සොයා එන වන සතුන් ඝාතනයට ලක්වන බවත් රක්ෂිතයේ ඇති ඇලවේලි වල වළවල් හාරා විශාල පරිසර විනාශක් මේ පිරිස විසින් සිදු කරනු ලබන බවත් වනජීවී නිලධාරීහු කියති.