බිමල් ශ්‍යාමන් ජයසිංහ
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් බල ප්‍රදේශයේ සේවා වසම් දෙකෙහි පදිංචි සති 38 ඉක්මවූ ගර්භනී මාතාවන් 15 දෙනෙකු අද (24) දින පීසීආර් පරීක්ෂණයට ලක්කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධිකාරක කලුතර මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
මේ වන විට චීන කොටුව ,අත්තරගම,කරදගොඩ ,පන්නිල හා අබේපිටිය ග්‍රාම සේවා වසම් 5 හුදකලා කර ඇති අතර සති 38 ඉක්මවූ මෙම ගර්භනී මාතාවන් චීන කොටුව හා පන්නිල පදිංචි කාරියන් බව වෛද්‍ය වරයා කීය.
පීසීආර් පරීක්ෂණයට භාජනය කළ එම තැනැත්තියන් දරු ප්‍රසූතිය සදහා කලුතර මහා රෝහලට යොමු කරන තෙක් බේරුවල මූලික රෝහලේ නේවාසික පහසුකම් සපයා ආහාර පාන ඇතුළු අනෙකුත් සියලුම අවශ්‍යතා රෝහල මගින් සිදු කෙරුණු ඇතැයි ද එකී කාලය තුළ අවම වශයෙන් සැමියන්ට හෝ ඔවුන් බැලීමට අවස්ථාවක් නෙදෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගර්භණී මාතාවනුත් පීසීආර් පරීක්ෂණයට
Recommended Articles