(අංජුල මහික වීරරත්න)
ආරම්භයේ පටන්ම ජනතාවගේ උන්නදුවට සහ ප්‍රසාදයට ලක්ව තිබෙන ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාවේ ගම්මාන 14000 තුළම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දුන්නේ ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රගති සමාලෝචනයේ දී අනාවරණය වු කරුණු අනුවය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මංගල සමරවීර මහතා යටතේ ඇති මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ගම්පෙරලිය හා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ගම දියුණු කරන ප්‍රධානම ක්‍රමවේදය වේ.
එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ණය ප්‍රධානය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ ඇත් ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වේ.
ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය ඊට සෘජුව දායකවේ.
ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව සියළුම ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ගම්මාන 14000 පුරා ක්‍රියාත්මක වීම පළමු අදියරේ සිටම ක්‍රියාත්මකවේ.