( ගම්පහ තිලකරත්න දිසානායක.)
පොල් වගාව වැඩි දියුනු කිරීම පිනිස පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් වගා සහනාධාරයක් ලෙස නොමිලයේ පොල් පැල ලබා දීමේ වැඩ සටහනක් අරඹා ඇති අතර මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පොල් පැල 87000 ක් මෙම වසරේදී වගා කිරීමේ ඉලක්කයක් පවතින බව එම මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
මෙම වැඩ පිළිවෙල යටතේ අක්කර 1/4 ප්‍රමාණයේ සිට අක්කර 10 දක්වා නව වගාව. නැවත වගාව සහ යටි වගාව සදහා නොමිලයේ පොල් පැල ලබා දීම සිදු කෙරෙන බවත් මෙහිදී අක්කරයකට පැල 64 ක් ලබා දෙන බවත් එම දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රකාශයෙකු පැවසීය.

