ගත වු පැය 24 ට පුද්ගලයන් 456 ක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )

ඉකුත් පැය 24 තුල බස්නාහිර පලාත තුළ සිදු කළ  වැටලීම් වලදී  පුද්ගලයන් 456 දෙනෙකු පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
 
 ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ  උපදෙස් මත සිදු කළ වැටලීම් හාරසිය හතලිස් අටක දී මෙම  සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
එම සැකකරුවන් සමග හොරෙයින් මත්කුඩු ග්‍රෑම්  104ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  174 ක් හා මත්පෙති 204 ක් පොලිසිය  භාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඒ ඒ අධිකරණ වලට ඉදිරිපත් කිරීමට නියමිතයි .