ගණිකා ජාවාරමේ නියැලුණ ඉන්දීය කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)
අන්තර්ජාලය ඔස්සේ   ඇනවුම්  ලබාගෙන   ගණිකා වෘත්තියේ යෙදී සිටි ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු අද  (16) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත්  අනික්  පුද්ගලයා   අන්තර්ජාලය ඔස්සේ  ඇනවුම් ලබාගෙන කාන්තාවන්  සපයන පුද්ගලයා බවද පොලිසිය කියයි.
 
 ඉන්දීය ජාතික කාන්තාවන් යොදාගෙන   අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙම  ගණිකා ජාවාරම සම්බන්ධයෙන්  පොලිසියට ලැබුණු තොරතුරු අනුව   දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් උපාය දුතයින් වශයෙන්  යොදවා      අන්තර් ජාලය ඔස්සේ  මෙම කාන්තාවන් දෙදෙනා  රුපියල් 20,000 බැගින් වු මුදලකට   ඇනවුම්කර   ඇති බව පොලිසිය කියයි.
 
 එම ඇනවුම මත  සැකකාර කළමනාකරු  අද  අලූයම මෙම කාන්තාවන් දෙදෙනා මෝටර් රථයකින් වැල්ලවත්තේ හෝටලයක් වෙත රැගෙන ආ අවස්ථාවේ පොලිසිය  සැකකරු සමඟ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය කාන්තාවන් දෙදෙනා  20-23 යන වයස්වල පසුවන්නියන් බවත්  ඔවුන් පැයකට රුපියල් 20,000 ක මුදලක අලෙවි වන බවත් පොලිසිය සදහන් කරයි.
 
 අත්අඩංගුවට ගත් සැකකරු  දෙහිවල  පදිංචිකරුවකු බවත් ඔහු විවාහ වී සිටින්නේ ඉන්දීය ජාතික කාන්තාවක් බව පවසන පොලිසිය  ඔහු එම කාන්තාව සමඟ  එක්ව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද කියති.