ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට


 

 (ඩී.කේ.රත්න)


කොස්ලන්ද බලහරුව ප‍්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඉතා රහසිගතව වගා කර තිබූ ගංජා හේනක් අද (03) වැටලූ කොස්ලන්ද පොලීසිය ගංජා ගස් නවසියයක් සමඟ සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි  කොස්ලන්ද පොලීසිය පවසයි.
 
වැල්ලවාය කුඩාඔය පදිංචි වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකු කොස්ලන්ද පොලීසිය මගින් මෙම ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම ගංජා හේනේ ගංජා ගස් අඩි තුනක් පමණ උසට සරුවට වැවී තිබී ඇතයි කොස්ලන්ද පොලීසිය කියයි.