ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(දිලීප් ජයසේකර)

තණමල්විල නගරයේ අතුරු මාර්ගයකදී රුපියල් 50,000ක මුදලකට ගංජා කිලෝ එකක් අලෙවි කිරිමට ගිය තිදරු පියෙකු සුරියවැව විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (15) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තණමල්විල පදිංචි 47 හැවිරිදි තිදරු පියෙකි.
 
සැකකරු කලක් තිස්සේ ගංජා ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු බවත් මීට පෙර අවස්ථා කිහිපයදීම ගංජා ජාවාරම් වල නිරතව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයෙකු බවත් මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සැකකරු වියළි ගංජා කිලෝ එකක පාර්සලයක් රුපියල් 50,000ක මුදලකට අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී තණමල්විල නගරයේදී අත්අඩංගුවට පත්ව තිබේ.සැකකරු සම්බන්ධයෙන් ලත් තොරතුරක් මත සුරියවැව විශේෂ කාර්ය බළකා නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ විශේෂ කාර්ය බළකා නිළධාරීන් එනු දුටු සැකකරු අසල තාප්පයකින් පැන දිව යාමට උත්සාහ කර ඇති අතර එහිදි වහා ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බළකා නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා තණමල්විල පොලිසියට බාර දි තිබේ.