( එම් .සුසිල් ප්‍රියන්ත )
ගංජා සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කල පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත් මුදාහරින ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (17 ) නියෝග කලේය.
මෙසේ ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ ගල්කිස්ස පොලීසියට අනුයුත්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් වන කරන්දෙනිය තුනේ කණූව ප්‍රදේශයේ පදිංචි හෙට්ටිපතිර කංකානම්ගේ සසිර පිනිදිය වීරසිංහ නමැත්තාය.
සිය සේවා ස්ථානයෙන් ලැබුනු කෙටි නිවාඩුවට ගමට පැමිනි මේ කොස්තාපල්වරයා ළග ගංජා ඇතැයි ලැබුනු තොරතුරකට අනුව කරන ලද වැටලීමේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ලග තිබී ගංජා ග්‍රැම් එකසීය හැත්තඅට සොයාගත් බව කරන්දෙණිය පොලීසිය කීවේය.
කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ උප පොලිස් පරීක්ෂකවරුන් වන එස් .රන්ධීර, කිත්සිරි මෙන්ඩිස් යන නිලධාරීන් විසින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි .