ගංජා බෙදාහරින මධ්‍යස්ථානයක් වටලයි


(ඩබ්.ඒ පියතිලක)

හිගුරක්ගොඩ ගිරිතලේ ජනපදයේ නිවසක පවත්වාගෙන ගිය ගංජා බෙදා හැරිමේ මධ්‍යස්ථානයක් වැටලීමට හැකි වූ බව පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරියෙක් පැවසීය.

වැටලීමේදී පුද්ගලයින් 06 දෙනෙකු, කේරල ගංජා ග්‍රෑම් 500 ක් , ත්‍රිරෝද රථ දෙකක්  සහ යතුරු පැදි 03 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලොන්නරුව , අරලගංවිල, වැලිකන්ද, මැදිරිගිරිය , හිගුරක්ගොඩ  සහ මින්නේරිය යන ප්‍රදේශවලට ගංජා බෙදාහරින මධ්‍යස්ථානය මෙය බව පොලිසිය පැවසීය.

වැටලීම සිදුකරන අවස්ථාවේ විවිධ ප්‍රදේශවලින්  ගංජා රැගෙන යාම සඳහා පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ.