(සුජිත් හේවාජුලිගේ)
දකුණු පළාතෙන් ගංජා කොළඹට ප්‍රවාහනය කළ මාතර-කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ගංජා පාර්සලයක්ද සමඟ කොළඹ නගරයේ සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) මොරටුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු සෑම ගමන්වාරයකදීම ගංජා පාර්සලයක් මේ අයුරින් ගෙනවිත් පිටකොටුවේදී තැරුව්කරුවන්ට විකුණන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වු බව තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකාර කොන්දොස්තරවරයා ගංජා පාර්සලය බස් රථයේ කොතැන හෝ පාර්සලය තබා යම් පරීක්ෂාවකට ලක් වුවහොත් එය අයිතිකරුවකු නැති පාර්සලයක් බවට ඒත්තු ගන්වන බවත් අලුත්ගමින් බසයට ගොඩ වු සුරාබදු නිලධාරින් මේ පිළිබඳව විමසිල්ලෙන් හිද කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

