(හේමලතා ඩී හේවගේ)
පන්නල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ගැල්මෙන් පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 350 දක්වා ඉහළ යාමෙන් පුද්ගලයින් 1420 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බංණ්ඩාර මහතා පැවසීය .
මේවන විට රාවිට ධර්මරාජාරාම විහරස්ථානය ඇතුළු විහරස්ථාන දෙකක සහ ගිරිඋල්ල ප‍්‍රාදේශීය සභා උප කාර්යාලයේ අවතැන්වූ පිරිස් රඳවා ඇතී බවද සදහන්වේ .
හුන්දිරාපොල, කන්දෙටිය , ඇලබඩගම , මත්තේගම , තලම්මැහැර , වෙල්පල්ල ල , වඟුරුවල, නාලවලාන ඇතුළු ගම්මාන රැසක නිවෙස් සහ අතුරු මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යට වී තිබේ.
මා ඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල පොලීසිය අසල මාර්ගය අඩි 4 ක් පමණ උසට යට වී තිබු අතර කුරුණෑගල - මීගමුව ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයටද බධා එල්ලවී තිබිණි.
අවතැන්වූ සහ පීඩාවට පත් ජනතාවට පිසූ ආහාර පාන ලබාදීම මේ වන විට ක‍්‍රියාත්මක කර ඇති අතර නාවික හමුදාවේ සහයෝගයෙන් බෝට්ටු සේවාවක් ජලගැල්ම ඇතිවී තිබෙන සියඵ ප‍්‍රදේශ ආවරණයවන අයුරින් ක‍්‍රියත්මක කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය .