(රොමේෂ් මධුෂංඛ)
විවිධ බීම වර්ග ප්‍රවාහනය කරන මුවාවෙන් ඉතා රහසිගතව රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 122 ක් යාපනය මාදගල් ප්‍රදේශයේදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මාදගල් සවුද්කාඩි ප්‍රදේශයේ ලොරි රථයක් අධික වේගයකින් ධාවනය කර ඇති අතර එහිදී ලොරි රථයට රැකවල් යොදා උතුරු නාවික විධානයේ සෙබලුන් විසින් පරික්ෂා කිරීමේදී ලොරි රථයේ බීම පෙටිටි තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ කේරල ගංජා තොගය සොයාගෙන ඇත.
බීම පෙට්ටිතුළ කේරල ගංජා පොහොර බෑග් 3 ක සඟවා තිබී ඇති අතර යාපනයේ සිට දකුණට ප්‍රවාහනය කිරීමට ජාවාරම් කරුවන් සැලසුම් බ කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 20 ත් අතර වයසේ පසුවන අතර ඔවුන් යාපනය කීරමලේ හා මුලතිව් විෂ්වමඩු ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වෙයි.
ලොරි රථය සමග කෙරළ ගංජා හා එවා ප්‍රවාහනය කරන ලද සැකකරුවන් යාපනය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.