කොළඹ ප්‍රදීපය තුන් වසර සමරයි


“කලම්බූ බීකන්” තරුණ සංවිධානයේ තෙවස් පූර්ණ සැමරුම කොළඹ විශ්ව විද්යාදලයේ විද්‍යා පීඨ ගණිත ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට කලම්බු බීකන්  ආරම්භක හා වත්මන් සාමාජිකයෝ සහභාගී වූහ.

‘‘කලම්බු බීකන්” යනු තරුණ ප්‍රජාවට ස්වකීය ජීවිතයේ අභිමත නවාතැනට ගමන් කිරීම සඳහා පහසුකම් සපයා දෙන සංවිධානයක් බවත් ‘‘වාසිටි සේයා” ජංගම දුරකථන ඡායාරූප තරගාවලියේ ජයග්‍රාකයන්ට සහතිකපත් ප්‍රදානය, පූර්ව සාමාජිකයන් හා එම සංවිධානයේ ප්‍රගමනයට විවිධ අංශ වලින් දායක වූ සියලූ සාමාජිකයන් ඇගයීමට පත් කිරීම ද සිදු විය. සංවිධානයේ වෙබ් පිටුව www.colombobeacon.com නව මුහුණු වරකින් එළි දැක්විණි.

ෆෙස්බුක්, ටිවිටර්, ගූගල් ප්ලස්, ඉන්ස්ටග්‍රම් යන විවිධ සමාජ ජාල ඔස්සේ ද සම්බන්ධ විමේ හැකියාව ද දැන් ඇතැයි  “කලම්බු බීකන්” සංවිධානය කියයි.