(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට ප්‍රදේශයේදී කාන්තාවකගේ ජංගම දුරකථනයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට පිහියකින් ඇණ බරපතල තුවාල කළ සැකකරු අද(28) පලාගොස් ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ 47093 සුමනරත්න නමැති කොස්තාපල්වරයෙකි.
කාන්තාවකගේ ජංගම දුරකථනයක් සොරාගත් පුද්ගලයකු එම කාන්තාවට පහරදෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු එම ප්‍රදේශයට ගොස් ඇත.
එම අවස්ථාවේදී සැකකරු සඟවාගෙන සිටි පිහියකින් කොස්තාපල්වරයාගේ කකුලකට ඇන පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකරු සොයා නාරහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කොස්තාපල්වරයාට පිහියෙන් ඇන සොරා පලා යයි
Recommended Articles