(ඩී.කේ.රත්න)
කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන ඉරාන ජාතිකයෙකු බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවට අද (06) සවස ඇතුළත් කර ඇතැයි බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
ඉරානයේ පදිංචිව සිට උමාඔය ව්‍යාපෘතියේ වැඩ කිරීම සඳහා දිවයිනට පැමිණ ඇල්ල කරදගොල්ල වැඩබිමෙහි සේවයේ නියුතුව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයා පෙබරවාරි මස 15 වැනි දින ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.