(ඩී.ජි.සුගතපාල)
පසුගිය රජයේ ගම්පෙරලිය වැඩ සටහන යටතේ කරන ලද කොන්ත්‍රාත්වල මුදල් ලබාදෙන ඉල්ලා කොන්ත්‍රාත්කරුවෝ පිරිසක් අද (26) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.
අම්බලන්ගොඩ සහ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොන්ත්‍රාත්කරුවෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
තමන් බැකුවලට ණයවි වෙළඳසල් වලින් ණයට භාණ්ඩ ලබාගෙන කණකර පවා උකස්කර කොන්ත්‍රාත්කර ඒවායේ බිල් ඉදිරිපත් කර මාස ගණනක් ගතව ඇතත් තවමත් මුදල් ලබා නොදුන් බවයි. මේ නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇති බවත් තමන්ගේ මුදල් නොගෙවීම බලවත් අසාධාරණයක් බවත් ඔවුහු කියා සිටියහ.
උද්ඝෝෂකයන් පැයකට අධික කාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් සිටි අතර පසුව පිරිසෙන් කිහිප දෙනෙකු දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වුව ද එය අසාර්ථක විය.



