කොටවෙහෙර ආසාදිතයන් ඇසුරු කළ 52 ම කොරෝනා නෑ


ප්‍රියානි මංගලිකා

කොටවෙහෙර  ප්‍රදේශයේ  කොරෝනා ආසාදිතයන් සමීපව ඇසුරු කල බවට පී.සී.ආර් .පරීක්ෂණයට යොමු කල  52 නාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට වෛද්‍ය වාර්ථා මගින් තහවුරැ වී ඇති බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (8) පැවසීය.    
                                          
දිගන්නෑව   ,පලුගොල්ල , .නුගන්නෝරුව  ප්‍රදේශවල ආසාදිතයන් තිදෙනා  සමීපව ඇසුරු කල පිරිස් සොයා  තවදුරටත් පරීක්ෂණ සිදු කරණ බවද කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
                        
කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය කෝසල පෙතියාගොඩ මහතාගේ උපදෙස් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වන වසන්ත ජයලත් ,විදුල බංඩාර දහනායක,බුද්ධික විතානගේ යන නිලධාරීන්  පරීක්ෂණ සිදු කෙරේ .