කොටවෙහෙර ආසාදිත සෙබළා ඇසුරු කළ පවුල් තුනක් නිරෝධායනයට


(ප්‍රියානි මංගලිකා )

කොටවෙහෙර නුගන්නෝරුව ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි  ආසාදිත වැලිසර  නාවික සෙබලාගේ පවුල සහ ඇසුරු කල තවත් පවුල්  තුනක් නිරෝධායනයට ලක්කල බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
              
අ⁣සාදිත නාවික භටයාගේ මව සහ පියා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකල බවද , කොබෙයිගනේ ප්‍රදේශයේ සිටින නාවික භටයාගේ පෙම්වතියගේ පවුල සහ මාවතගම ප්‍රදේශයේ  වෙසෙන නාවික භටයාගේ සහෝදරියගේ පවුලද නිරෝධායනයට ලක් කල බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
                
කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝසල පෙතියාගොඩ මහතාගේ උපදෙස් අනුව ,මහජන සෞඛ්‍ය නිලධාරීන් වන වසන්ත ජයලත් , බුද්ධික විතානගේ ,විදුල බංඩාර දසනායක  යන මහතුන්  වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.