(ටී.කේ.ජී.කපිල )
කොකේන් ගුලි ලෙස සකස්කර ගිලදමා ලංකාවට පැමිණ සිටි බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අද (29 ) උදෑසන 9.00 පමණ මෙම කාන්තාව ගිල දමා තිබූ කොකේන් 40 ක් පමණ එළියට ගැනීමට මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබුණි .
මෙම කාන්තාව බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන් ඊයේ (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඇය පිළිබඳව ඇති වූ සැකය මත ඇය ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමේ දී , ඇයගේ ආමාශයේ මෙම කොකේන් ගුලි තොගය ඇති බවට අනාවරණය වීමෙන් පසු , රේගු නිලධාරීන් විසින් ඇය අත් අඩංගුවට ගෙන වහාම මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ .
එහිදී එම රෝහල් වෛද්‍යවරුන් විසින් විරේක බෙහෙත් ලබා දෙමින් , මෙම ගුලි තොගය එළියට ගැනීමේ ප්‍රයත්නය ආරම්භ කර තිබුණි .