(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේදී කෙටේරියකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදුකළැයි කියන සිද්ධියේ තවත් සැකකරුවකු නොවැම්බර් 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(29) නියෝග කළේය.
රාස්සගල වතු යායේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම තැනැත්තා මෙම සිද්ධියට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 42 හැවිරිදි සැකකරුගේ පුතා බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු 38 හැවිරිදි පුද්ගලයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.