කුරුඳු වලට විදේශ ඉල්ලුම වැඩි කරන්න ක්‍රම සොයයි


ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්පත් කරගෙන ඇති ලංකාවේ කුරුඳු වලට තවදුරටත් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රම පිළිබඳ සෙවීමේ අරමුණින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කර ඇති විශේෂ වැඩසටහන් මාලවට සමගාමීව පළමු වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය ද කොළඹ 7, කාර්මික තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහනේ දී මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබූයේ, කුරුඳුවල ඖෂධීය ගුණය සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු පුළුල් කිරීම පිළිබඳවය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මැතිතුමා කියා සිටියේ, කුරුඳු තවාන් දහසක් ඇති කිරීමට හා පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහාය දෙන බවත් කුරුඳු වල පවත්නා වටිනාකම් හඳුනාගනිමින් එම ගුණාංගයන් නිෂ්පාදනයන් ලෙස එළිදක්වන අතර ම දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ කුරුඳු වගා කිරීම සම්බන්ධයෙන් වන උනන්දුව ඉහළ නැංවිය යුතු බවත් ය.

12443417_10209090367322712_1721283449_o 12528643_10209090367442715_50386212_o 12675039_10209090367362713_1281002334_o