(මඩකලපුව වාර්තාකරු - ජවුෆර්කාන්)
මඩකලපුව මහ නගර සභාවට අයත් පෙදෙස්වල කුණු ඉවත් නොකිරීම නිසා විශාල සෞඛය ප්‍රශ්ණයක් මතුවී ඇති බැවින් එය වැලැක්වීම සඳහ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලමින් මඩකලපුවේ කාන්තාවන් පිරිසක් අද උද්ඝෝෂණයක් කළෝය.
මඩකලපුව කල්ලඩි උප්පෝඩෙයිහි කාන්තා සංවිධාන එක්වී මෙම උද්ඝෝෂණය කල්ලඩි උප්පෝඩෙයි පොදු සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය කළහ.
මඩකලපුව මහ නගර සභාවට අයත් පෙදෙස්වල් සති දෙකකට වැඩියෙන් කුණු ඉවත් නොකිරීම නිසා විශාල සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බවටත් මේ නිසා ලොකු කුඩා සැවෝම අපහසුතාවට ලක් වී සිටින බවත් කාන්තා සංවිදාන නියෝජිතයියෝ පැවසූහ.