ලලිත් නවරත්න
මාරවිල මූදුකටුව ප්‍රදේශයේ දී කුඩු අලෙවියේ යෙදුණු එකකුස උපන් අක්කා මලෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස භාර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 36 සහ 31 හැවිරිදි කාන්තාවක සහ පුරුෂයෙකි. මෙම දෙදෙනා එක්කුස උපන් සහෝදරයකු සහෝදරියක වන අතර මීට පෙර අවස්ථා ගණනකදී හෙරොයින් අලවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස ලබා තිබේ.
මෙම සැකකරුවන් අලෙවියට පමණක් හෙරොයින් සුළු ප්‍රමාණයක් අත තබාගන ඇති අතර තොග අවසන් ප්‍රමාණය අනුව නැවත තමන් අතට පත්වන බව පොලිස් විමර්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත.

