(ඉන්දික අරුණ කුමාර)
මාතලේ ආටීස්මලේ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපළක් හේතුවෙන් ප‍්‍රදේශයේ පවුල් 150 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.
කලක් තිස්සේ පවත්වාගෙන යනු ලබන මෙම කුකුළු ගොවිපල හේතුවෙන් දහවල් කාලයේ නිවෙස්වලින් ඉවත්ව සිටීමට සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති.දහවල් කාලයේ ඥාතීන්ගේ නිවෙස්වල හිඳ රාත‍්‍රි කාලයේ දී නැවත නිවෙස්වලට පැමිණෙන බව ඔවූහු පවසති.
නිතර පවතින මැසි උවදුර මෙන්ම අධික දුර්ගන්ධය මෙයට හේතු වී තිබේ.තම දරුවන් මැස්සන් නිසා නිතර රෝගාතුර වන බවත් තමන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට ලිඛිතව දැනුම් දුන් නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ප්‍රදේශවාසීහු පවසති.මේ හේතුවෙන් එහි ජීවත්වීමට අපහසු තත්ත්වයක් ඇතැයි ඔවූහූ කියති.
එම ගොවිපලේ සේවකයකු පැවසුවේ තම ගොවිපලේ කටයුතු නිසි පරිදි සිදුවන බවයි.ජනතාව චෝදනා කරන අයුරින් කිසිදු ගැටළුවක් නැතැයි ද ඔහු පැවසීය.කෙසේ වෙතත් ගොවිපලේ ස්ථාන රැසක මැස්සන් සිටින බවත් අවට නිවෙස් ආසන්නයේ දුර්ගන්ධයක් පවතින බවත් දැකගත හැකිය.
මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ අදාළ ගොවිපළේ ගැටළුකාරි තත්ත්වයක් ඇති බවයි.පරික්ෂා කිරීම් හා ලද පැමිණිලි සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.