කිවුල බෙහෙත් ශාලාව ඉදිකළ දා සිට වහලා


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ගම්මාන 10 කට වැඩි ප්‍රමාණයකට සෞඛ්‍ය පහසුකම් ලබා දිමේ අරමුණින් ලක්ෂ 50කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකළ කොට්ටුකච්චිය කිවුල ග්‍රාමීය බෙහෙත් ශාලාව ඉදිකළ දින සිටම වසා දමා ඇති බවට ජනතාව චෝදනා කරති .

මහකුඹුක්කඩවල සහ පුත්තලම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය වලට අයත් ග්‍රාම නිළධාරි වසම් කිපයක් තුළ ගම්මාන 10 ක ට වැඩි  5000ක ජනතාවකගේ මුලික සෞඛ්‍ය පහසුකම් නැංවීමට මෙම ග්‍රාමිය රෝහල වසර හයකට පෙර ඉදිකර තිබුනේ මෙම ගම්මානවල  ජනතාව වෙනත් රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනිමට සැතපුම් 10 කට වැඩි දුරක් ගෙවා දමමින් ගමන් කිරිමට තිබු අපහසුතාවය වැළැක්විමට බව ඔවුහු කියති.

කිවුල විදුහල් බිමේන් අක්කර භාගයකට ආසන්න භුමි ප්‍රමානයක්  මෙම රෝහල් සංකිර්ණයට ලබා දි ඇති අතර අංග සම්පුර්ණ ගොඩනැගිල්ලක් ඉදිකර වෛද්‍යවරයකුට නැතිමේ පහසුකම් ද සහිතව මෙම ග්‍රාමිය රෝහල ඉදි කිරිමේදි  එය සකසා තිබේ.

මේ පිළිබදව දැන ගැනිමට වයඹ පළාත් සෞඛ්‍ය ඇමති ලක්ෂමන් වේඩරුව මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනිමට ගත් උත්සහය ව්‍යාර්ත විය.