කිලිනොච්චිය රත්තිරපුරම් නිවසක තිබී කොටි සංවිධානයට අයත් ක්ලේමෝ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් හමු වූ බව කිලිනොච්චි පොලීසිය පවසයි.
එම නිවසේ කුඩා කාමරයක තිබූ ක්ලේමෝ බෝම්බ 10 ක් අත් බෝම්බ 66 ක් හා මෝටර් බෝම්බ සඳහා භාවිත කරන චාර්ජස් 42 ක් සොයාගෙන ඇත.
කිලිනොච්චියේ 57 වැනි සේනාංකයට ලැබුණූ තොරතුරු අනුව ඔවුහු පොලිසිය සමග පැමිණ යුද උපකරණ තොගය සොයාගත්හ.
තමන් සිය ඉඩමේ පිහිටි ළිඳේ වතුර ඉවත් කොට සුද්ද පවිත්‍ර කිරීමේදී එම උපකරන මල්ලක් වැනි දෙයක තිබූ බවත් එය ගොඩට ගැනීමෙන් පසුව ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කළ බවත් නිවෙස් හිමිකරු පොලිසියට කියා ඇත.