සිතුම් චතුරංග
කිලිනොච්චිය, මහ රෝහල වෙත ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ඉල්ලා අද (31) කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ගැබිණි මව්වරුන් පිරිසක් කිලිනොච්චිය මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
වසරකට ආසන්න කාලයක සිට කිලිනොච්චිය මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥය වෛද්‍යවරයා යාපනය , මුලතිව් දිස්ත‍්‍රික්ක වලද සේවය කරන බැවින් කිලිනොච්චිය රෝහලේ හදිසි අවස්ථාවකදී හෝ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති බවද පැවසීය.
ගැටළුව හේතුවෙන් මාතෘ සායන වෙත පැමිණෙන කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ගැබිණි මව්වරුන් සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් සායනික පරීක්ෂා කිරීම් කරගැනීමට සිදුව ඇති බවත් පැවසීය.
විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ යාපනය හෝ වවුනියාව රෝහල් වෙත ගොස් විශේෂඥ වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසට වෛද්‍යවරුන් පවසා සිටින බවත්ය.
කිලෝමීටර 100ක් හෝ 150 ක් තමන් බස්රථවලින් යාපනය , වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.