කිංචිගුනේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ තිදෙනෙක් අත්අඩංගුවට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ කිංචිගුනේ මහ තැන්න රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී එළිපෙහෙළි කළ දෙදෙනෙකු සහ රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයෙකු  අද (14) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා පැවැසීය.

ඉඔුල්පේ කිංචිගුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් දෙදෙනකු  රක්ෂිතයට ඇතුළු වී මෙරටට ආවෙිණික ගස් කපා  කම්බි වැටවල් වලින් රක්ෂිතය වටකර  ගම්මිරිස් ඇතුළු වගාවන් සිදු කර තිබෙන බවත් අනෙක්  පුද්ගලයා එම රක්ෂිතයට  ගිනි  තබා රක්ෂිතයට හානි සිදු  කර ඇති බවත් විජයන්ත උපුල් මහතා කීය.

අත් අඩංගුවට ගත් තිදෙනාට එරෙහිව නඩු පවරා  පසුව ලබන (19) වැනිදා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට  කටයුතු කරන බව   ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.