( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )
කෑගල්ල පොලිස් කොට්ඨාශයේ අද (17) අලුයම කරන ලද විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ බව කියන 1100 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ස්ථාන අටක පොලිස් නිලධාරීන් 321 දෙනකු කරන ලද එම මෙහෙයුමේදී කසිප්පු, ගංජා සහ හෙරෝයින් ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයන් ඇතුළු විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

