(ලලිත් නවරත්න)
හලාවත කාක්කපල්ලිය ප‍්‍රදේශයේදී පොලිස් කැබ්රථයට යතුරු පැදියක් ගැටීමෙන් බරපතලතුවාල ලැබූ පුද්ගලයෙකු ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයටපත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.
මෙසේ අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ හලාවත සිහපුර පාර අංක 30/ 16 පදිංචි මිහිදුකුලසූරිය ජූඞ් ශෂාන් අසේල ප‍්‍රනාන්දු නැමති 29 හැවිරිදි එක්දරු පියෙකි.
හලාවත පොලීසියට අයත් මෙම කැබ්රථය රාජකාරියක් සඳහා යමින් සිටියදී තේපානය සඳහා කාක්කපල්ලිය ප‍්‍රදේශයේ ආපනශාලාවක් අසල කොළඹ දෙසට මුහුණලා මාර්ගය අයිනේ නතරකර තිබේ.
අනතුරුව කොළඹ දෙසසිට හලාවත දෙසටපැමිණි පැමිණි යතුරුපැදිය තවත් වාහනයකට ඉස්සරකිරීමට යාමේදී පොලිස් කැබ්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇතිබව පොලීසිය පවසයි.
මෘතශරීරය සම්බන්ධයෙන් මරණපරීක්ෂණය පී. සී. ආර් පරීක්ෂණයකින් අනතුරුව සිදුකිරීමට නියිමිතබව රෝහල් බළධාරීන්පවසයි.