( නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් එම මාර්ගයේ බලගොල්ල 27 වන කිලෝමීටර් කණුව ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට ධාවනයවී ඒ අසල වූ කොට්ට ගසක හැපිමෙන් වාහනයේ ගමන් ගත් තරුණ යුවළක් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් සමග අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවෙකුද සිටි අතර අනතුරින් ඔහුට සුළු තුවාලයක් හෝ සිදුවී නොමැත.
අනතුරට ලක්ව ඇත්තේ පදියතලාව, කෙසෙල්පැලේබැද්ද කොලමන්තලාව පදිංචි ඒ ඩබ්ලිව් එම් අචලා (23) සහ එම් සුරංග (28) නැමැති තරුණ යුවළකි.
කැබ් රථයේ රියැදුරුට නින්ද යාමෙන් අනතුර සිදුවී ඇත. අනතුරින් කැබ් රථයේ ඉදිරිපස කොටසට දැඩි අලාභ සිදුව තිබේ.
තුවාල ලැබුවන්ගේ තත්වය බරපතල බව පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.