කැකිරාවේ ළිඳක තිබී අත්බෝම්බයක් හමුවෙයි


(කුෂාන් ජයවර්ධන)

කැකිරාව කයිලපොතාන සුදර්ශනගම ප‍්‍රදේශයේ වගාබිමක තිබූ අතහැර දැමූ ළිඳක තිබී අද (12) අත්බෝම්බයක් හමුවී තිබේ.

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ප‍්‍රදේශයේ අතහැර දැමූ ළිඳක් යළි භාවිතයට ගැනීම සඳහා ප‍්‍රදේශවාසීන් පිරිසක් එක්ව එම ළිඳ පිරිසිදු කිරීමට කටයුතු කර තිබේ.

පිරිසිදු කිරීමේ කටයුතු අතරතුරදී ළිඳෙන් ඉවත් කළ මඩ ගොඩක තිබී මෙම අත්අබෝම්බය හමුව ඇති බව පොලිසිය කියයි.

අදාළ අත්බෝම්බය විදේශරටක නිෂ්පාදිත එකක් බවත් එය පරණ එකක් නොවන ජීව තත්ත්වයේ ඇති බවත් පොලිසිය පැවැසීය.

පොලිසියට හමුව ඇති එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව නිශ්ක‍්‍රීය කිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.