නවරත්න සමරතුංග
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ සිට ඔකඳ වනගත ප්‍රදේශය හරහා පාදයාත්‍රා වන්දනාවේ පැමිණි බැතිමතෙකු අද (5) ඔකඳ කැලෑ ප්‍රදේශයේදී මිය ගොස් ඇති බව පානම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එස් .විජයසිංහම් නැමැති 70 හැවිරිදි අයෙකු වන අතර ඔහු කාර්තිව් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.පසුගිය 03 වන දින කාර්තිව් ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි පිරිසක් සමඟ ගමන්ගත් මොහු ඔකඳ ප්‍රදේශයේදී මිය ගොස් ඇත.
ඒ බව වනජීවි කාර්යාලයට දැන්වීමෙන් පසුව මෘතදේහය පානම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනැවිත් තැන්පත් කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයක් හා හදිසි මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බවත්,අවශ්‍ය පහසුකම් නොමැති නිසා මෘතදේහය පොතුවිල් රෝහලේදී හෝ අක්කරපත්තුව රෝහලේදි සිදු කරන බව පානම පොලිසිය කියයි.