ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයට කාබනික කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ ඒකකයක් පිහිටු වීමට කොරියාවේ සන් ජොන් කෘෂි විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අද අත්සන් කැරිණි.
මේ අවබෝධතා ගිවිසුම සඳහා සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති හා සන් චොන් විශ්ව විද්‍යාලයේ කුලපති විසින් අත්සන් තැබිණ. අතුරලියේ රතන හිමියෝ ද මේ අවස්ථාවට සම්බන්ධ වූහ.
ලංකාවේ ප්‍රථම වරට ඉදි කිරීමට යන මෙම ඒකකය හරහා දෙරට අතර දැනුම හා තාක්ෂණය හුවමාරු කර ගැනීම ද ප්‍රධාන අරමුණකි.