(පාලිත ආරියවංශ)
කාන්තාවන් දෙදෙනෙකුට පිහියෙන් ඇන එක් අයකු ඝාතනය කර, අනෙකාට තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද(19) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ විජිත රත්නවීර 54 හැවිරිදි අයෙකි.
ලුණුගල, කිවුලේගමදී ඉකුත් 18 වැනිදා සැකකරු කාන්තාවකට පිහියෙන ඇන ඝාතනය කර, ඇගේ දියණියට ද පිහියකින් ඇන බරපතල තුවාල කර තිබිණි.
සිද්ධියෙන් රත්නායක මුදියන්සේලාගේ සෝමාවතී නමැති 73 හැවිරිදි කාන්තාවක මිය ගිය අතර, 43 හැවිරිදි ඇගේ දියණිය බරපතල කැපුම් තුවාල සහිතව බදුල්ල රෝහලට ඇතුළත් කර තිබිණි.
ලුණුගල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බදුල්ල මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කර ඇත.

