(දයාරත්න ඇඹෝගම)
ඉඩම් ආරවුලකට කාන්තාවකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක භටයෙකු අද(15) අත් අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිහෝගම, උපුල්දෙණිය පදිංචි ප්‍රේමරත්නගේ නිහාල් රත්නසිරි(32) නැමති සිවිල් ආරක්ෂක භටයෙකි.
පිහි ඇනුමින් තුවාල ලබා ඇත්තේ ගලෙන්බිදුණුවැව, උපුල්දෙණියේ පදිංචි ටිකිත්තාගේ ප්‍රේමලතා(65) නැමති කාන්තාවකය.
අත්අඩංගුවට ගනු ලැබු සැකකාර සිවිල් ආරක්ෂක භටයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

