කාන්තා නිෂ්පාදන අලවි ප්‍රදර්ශනයක් ගාල්ලේ


(සිරංගිකා ලොකුකරවිට)

ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය සහ ගාල්ල දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු කාන්තා නිෂ්පාදන අළෙවි ප්‍රදර්ශනය අද (6) විවෘත කැරිණි. මෙම අළෙවි ප්‍රදර්ශනය දෙසැම්බර් 6 සහ 7 දෙදින ගාල්ල ක්‍රීඩා මණ්ඩපයේ දී පැවත්වේ.

ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර මහතා ඇතුළු පිරිසක් ද ආරම්භක අවවස්ථාවට එක්ව සිටියහ.

දිස්ත්‍රික්කයේ සියළු කාන්තා බල මණ්ඩල නියෝජනය කරමින් කාන්තා ව්‍යවසායකයන් 100 කට ආසන්න ප්‍රමණයක් මෙම අළෙවි ප්‍රදර්ශනයට තම නිෂ්පාදන ඉදිරිපත් කර ඇත.