ලෝක කාන්තා දිනය යෙදෙන මාර්තු 8 වැනිදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වනිතා ඒකකය මහරගම පිළිකා රෝහලේ රෝගීන් වෙනුවෙන් දහවල් ආහාරය පිරිනැමීමට යයි.
දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 ට වැඩි කාන්තාවන් වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
බම්බලපිටිය මුලස්ථාන උද්‍යාන ශාලාවේදී එදින උදේ 8.30 ට පැවැත්වෙන උපහාර උළෙලේදී කාන්තාවන් 5259 කට සමරු තිළිණ ද පිරිනැමේ.