(ටි එල් ජ්වුෆර්කාන්)
කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කරන නිලධාරියකුට කොවිඩ් ආසාදනය තහවුරු වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.
කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ රාජකාරි කරන නිලධාරිනියකුට මඩකලපුව ශික්ෂණ රෝහලේ කළ කොවිඩ් පරික්ෂණයෙන් ආසාදනය තහවුරු වී ඇත.
ඉන් අනතුරුව එම නිලධාරිනි රාජකාරි කරන ඉඩම් අංශය තාවකාලිකව වසා දමා ඇත.
එම අංශයේ රාජකාරි කරන අනෙකුත් නිලධාරින් ස්වයං නිරෝධානය කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
පසුව කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය හා මෝටර් රථ ප්‍රවාහන බලපත්‍ර අංශය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගැණිනි.
එම නිලධාරිනිය ඇසුරු කළ නිලධාරින්ට පිසිආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරිමට නියමිතය.