(යොහාන් භාසුර)
දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) අධ්‍යක්‍ෂ ධූරය මාස හතක පමණ කාලයක සිට පුරප්පාඩු වී තිබීමෙන් රෝහල අකර්මන්‍ය තත්වයට පත්වෙමින් තිබේ යැයි එම රෝහලේ සේවය කරන වෛද්‍යවරු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
කාසල් රෝහලේ අධ්‍යක්‍ෂවරයෙක් දිනකට පැය දෙකක් පමණ එම රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන බවත් එම සේවය මෙවැනි දැවැන්ත රෝහලකට කෙසේවත් ප්‍රමාණයත් නොවන බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.
වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පසුගිය වසරේ (2020) ඔක්තෝබර් මාස උසස්වීම් ලබන තෙක් කළුබෝවිල රෝහලේ අධ්‍යක්‍ෂ ධූරයේ කටයුතු කළ බවත් මෙම තත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරු යොමු කළ ලිපියට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිළිතිතුරක් හෝ ලැබී නොමැති බවත් වෛද්‍යවරු කියති.
කළුබෝවිල රෝහල තුළ ‘කොවිඩ්’ වයිරසය වේගයෙන් පැතිර යන බවත් ස්ථිර අධ්‍යක්‍ෂවරයකු පත්නොකළහොත් තත්වය බරපතල විය හැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.