රත්මලාන ශ්‍රිමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය වත්මන් තත්වයට දියුණු කිරීමට මුලික වු හිටපු හමුදාපති මෙන්ම විශ්වවිද්‍යාල කුලපති ජෙනරල් ඩෙනිස් පෙරේරා මහතාගේ හතරවන ගුණ සමරුව රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය ප්‍රධාන ශාලාවේ පැවැත්විණි.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි .ත්‍රිවිධ හමුදාපතිවරු සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ජෙනරල් ඩෙනිස් පෙරේරා මහතාගේ බිරිඳ රංජනී පෙරේරා මහත්මිය සහ විශ්‍රාමික රිය අද්මිරාල් එච්. එස්. රත්නකීර්ති යන මහත්ම මහත්මීන් ජෙනරල් ඩෙනිස් පෙරේරා මහතාගේ ඡායාරුපයට පුශ්ප උපහාර දැක්වීය.