කහතුඩුවේ අබලි ද්‍රව්‍ය වෙළෙඳසැලක ගින්නක්


( බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

කහතුඩුව නගරයේ අබලි ද්‍රව්‍ය එකතු කරන වෙලෙඳ සැලක ඇති වූ ගින්නක් පාලනය කිරීමට හොරණ නගර සභාවේ නිලධාරීන් සමත් විය.

පෑස්සුම් යන්ත්‍රයකින් අබලි යකඩ කපා ගොඩ ගසන අවස්ථාවේදී ඒ ආසන්නයේ ගොඩ ගසා තිබූ පුවත් පත් ගොඩකට රත් වූ යකඩ තහඩු කිහිපයක් පතිත වීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව  පොලිසිය කියයි .

ගින්නගෙන් අබලි යකඩ ද්‍රව්‍ය තිබූ ස්ථානයට අලාභ හානි වී ඇත.