කසල තේ හැදුවැයි දෙන්නෙක් දැලේ


(රංජිත් රාජපක්‍ෂ )

හැටන්  විල්ප්‍රඩ්පුර නිවසක බලපත‍්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය බව කියන තේ කොළ නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනකු අද (13) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.

ලද තොරතුරක් අනුව එම පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර තිබිණි.
 
හොඳ වර්ගයේ තේ කොළවලට කසල තේ කලවම්කර තේ කුඩු නිෂ්පාදනය කර බෙදා හරින බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් සමග හොඳ වර්ගයේ තේ කොළ තොගයක් ,කසල තේ කොළ තොගයක් සහ උපකරණ කිහිපයක් පොලිස් බාරයට ගැනිණි.