කසල ගොඩක පිපිරීමකින් කාන්තාවක් රෝහලේ


(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ ඉරණපලෙයි ප්‍රදේශයේදී වූ පිපිරීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

මෙම කාන්තාව සිය ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුලු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් කාන්තාව තුවාල ලබා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව පොලීසිය පැවසීය.

එහිදී පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි යන්න නිශ්චිතවම අනාවනය වී නොමැති අතර යුද සමයේදී පොළව යට තිබූ කිසියම් බෝම්බයක් හො පුපුරණද්‍රව්‍යක් ගිනි තැබීම හේතුවෙන් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පලකර සිටියි.

පිපිරීමෙන් කාන්තාවගේ තත්වය බරපතල නොවන අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.