කවුඩුල්ලේ මාළුන්ට ඉඩ නැතිව මිය යයි


චාපා මධුභාෂිණී
මැදිරිගිරිය කවුඩුලුවැව ජලාශයේ මේ දිනවල මසුන් අධික ලෙස මිය යන බව ධීවරයෝ පවසති. දිනකට මසුන් 1000 අධික ප්‍රමාණයක් මියයන බව ද පවසති. කොරළි මාළුන් වැඩි වශයෙන් මිය යනබව ද කියති. එලෙස මියගොස් රැල්ලත් සමග ගොඩට එන මාළු කරවල බවට පත් කිරීම සඳහා බොහෝ දෙනා මේ දිනවල උදෑනස කාලයේදී කවුඩුල්ල ජලාශයට එන බව එහි සංචාරය කළ අපට දැක ගත හැකි විය.
මේ  සම්බන්ධයෙන් විමසීමට මැදිරිගිරිය ජලජජීවී වගා ව්‍යාපෘති නිළධාරි ජේ.බී ඉන්දික උදයන්ත මහතාගෙන් කළ විමසුමකදී  කියා සිටියේ මේ දිනවල පවතින අඩු ජල ධාරිතාවත් සමග මසුන් ඝනත්වය වැඩිවීමනිසා  මෙලෙස මසුන් මිය යන බවයි.
මෙලෙස මියයන මසුන් කරවල බවට පත් කිරී‍මෙන් කිසිදු සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියහ.