කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක් ලබා දෙනවා - කෘෂිකර්ම ඇමැති


(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටියේ රතුලූනු අස්වැන්න වෙළද පොළට පැමිණෙන සමයේ දී ආනයනික රතු ලූනු මිළ ඉහළ දමා කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අද (12) කල්පිටියේ ගොවි ගම්මාන වල සංචාරයකට එක්වෙමින් පැවසීය.
 
බී ලූනු , අර්තාපල් , බඩ ඉරිඟු , සෝයා බෝංචි  සහ මිරිස් ගොවියන් සඳහා ක්‍රියාත්මක වගාබිම් රක්ෂණය සඳහා කල්පිටියේ රතු ලූනු ගොවියාද ඇතුලු කරගන්නා බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
 
දැනටමත් මෙම රක්ෂණ වාරීක සඳහා වාර්ෂිකව රජයෙන් රුපියල් මිලියන 5,228 ක් ගෙවන බවත්  කල්පිටියේ ගොවීන් ඒ සඳහා ඇතුලු කර ගත් විට රජයේ රක්ෂණ වියදම තවත් රුපියල් මිලියන 100 කින් ඉහළයන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.