(ජයන්ත සමරකෝන්)
කරදියාන කසළ කන්ද අසළ සිට ඉවත් කළ පවුල් 15කට මාස 6ක් සඳහා ලබාදුන් කුලී මුදල් අවසන් බව කියමින් එම මුදල් ඉල්ලා පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක් අද(04) උදෑසන සිට කසළ ව්‍යාපෘති කාර්යාලය අසළට පැමිණ උද්ඝෝෂණයකව නිරත ව සිටිති.
එම පවුල් ඉකුත් මැයි 5 වැනිදා එම පවුල්වලට මාස 6ක වන්දි මුදල වන රුපියල් ලක්ෂ එකහමාරක් ලබා දී තමන්ව ඉවත් කළ අතර, තමන් ඒ අවට ගම්මාන කිහිපයක පදිංචිව සිටි බවද, ඔවුහු පැවසූහ.
මේ වනවිට ඔවුන්ට කුලිය ගෙවීමට මුදල් නොමැති වීම නිසා එම මුදල් ඉල්ලා ව්‍යාපෘති කාර්යාලයට පැමිණ ඇතත් අද සවස් වනතෙක් ම ඊට පිළිතුරක් ලැබී නැතැයි බෝකුන්දර උතුර, පහත් බිම් කළමනාකරණ කමිටුවේ සභාපති රොනී ෆොන්සේකා මහතා පැවසීය.
මේ පිළිබඳව බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම පවුල් සඳහා වන්දි ලබාදීමට තක්සේරු දෙපාර්තමේන්තුවට දන්වා මාස 6ක් ගතව ඇතත්, මේ දක්වා එම වාර්තා නොලැබීම නිසා වන්දි ලබාදීමට නොහැකි වී ඇති බවය.
කෙසේවෙතත් එම වන්දි වාර්තා ලැබෙනතෙක් තවත් මාසයක කාලයක් රුපියල් 25,000බැගින් සානුකම්පිත කුලී මුදලක් හෙට(05) සිට ලබාදීමට තීරණය කර ඇතැයිද ඒ මහතා කීය.
මේ මොහොත වනවිටත් එම පිරිස උද්ඝෝෂණයේ නිරතව සිටිති.