කම්හලකට විරෝධය පා මත්තේගොඩ වැසියෝ වීදි බසිති


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
මත්තේගොඩ, වාසනාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ මුද්‍රණ කර්මාන්ත ශාලාවක් හේතුවෙන් තමන් සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසකට මුහුණ පා ඇති බව පවසමින් අද(29) ප්‍රදේශවාසීහු විරෝධතාවක් පැවැත්වූහ.
 
මාස තුනක පමණ කාලයක් පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් තීන්ත දුගඳ, අධික ශබ්දය ඇතුළු ගැටලු රැසකට තමන් මුහුණ පා සිටින බව ඔවුහු කීහ.
 
ඔවුහු එම මුද්‍රණාලය අසළ සිට පාගමනින් කොට්ටාව පොල්ගස්ඕවිට මාර්ගයට පැමිණ පැයක පමණ කාලයක උද්ඝෝෂණයක නිරත වූහ.
 
මේ හේතුවෙන් ඒ අවට පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.